මිත්‍යා දෘෂ්ඨික පෙම්වතා...
වෙසක් සඳේ සඳ එළියට වඩා හැඩ වතක් සපිරි සිනහව පපු තුරක් මත මුවක් ලංව තෙමනා උණුසුම් දෙතොල දෙනෙත් පියා ගත් කළ වෙයි නිවන් සුව විඳිනා එකම ආශාවම නුඹම වුණ, මවලා හැඩට මහණුන් බණ කතා වල කියනා පරිදි ආශා හැම දමා සිඳ ලබනා මඟ ඵලයේ ඇති ඵලය කිම? යශෝදරාවක තනි කර පැන යන්ටා සිතක් නොමැති මිත්‍යා දෘෂ්ඨිකයෙකු හින්දා සසර එතෙර වන්නට පැතුමන් නැතිවා පතමි සඳා නුඹේ උණුහුම විඳ ගන්ටා.....